Loading...
iPhone 13 සඳහා චන්ද්‍රිකා සහාය ලබා දෙන්නේ නැති බව නවතම වාර්තා මඟින් හෙළිවේ

iPhone 13 නිකුත් වීමට සූදානම් කර ඇත්තේ සැප්තැම්බර් 14 වෙනිදා පමණ බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. iPhone 13 සඳහා චන්ද්‍රිකා Connectivity සහාය දක්වන බව ඊයේ දිනයේ දී බොහෝ සමාජ මාධ්‍ය වල මෙන්ම අප ද වාර්තා කරා

පෘථිවියේ පහළ කක්ෂයේ ඇති (LEO - low-earth orbit) සන්නිවේදන චන්ද්‍රිකා සමඟ සම්බන්ධ වීමේ හැකියාව iPhone 13 වෙත ලැබෙනු ඇති බව සුප්‍රකට Apple device විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර සිටියා.

මේ වන විටත් iPhone 13 එකට Qualcomm X60 baseband chip එකක් අන්තර්ගත වන බව වාර්තා වී ඇති බවත්, මෙම chip එක චන්ද්‍රිකා හරහා සන්නිවේදනය සඳහා සහාය දක්වන බවත්, ඒ අනුව iPhone 13 පරිශීලකයෙකුට දුරකථන සංඥා ආවරණය නොමැති අවස්ථාවකදී දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් එමඟින් අනුමාන කර තිබුනා.

කෙසේ නමුත් දත්ත විශ්ලේෂණයෙන් හෙළිවූයේ මෙලෙස iPhone වලට satellite communication පහසුකම ලබාදීම සිදු නොවනු ඇති බවයි. මීට ප්‍රධානතම හේතුව වී තිබුණේ චන්ද්‍රිකා සන්නිවේදන සේවා සපයන්නෙකු වන Globalstar සමාගම Qualcomm සමාගමත් සමඟින් එකතු වී Band 53 සහ n53 spectrum එක Qualcomm X65 modem වලට අන්තර්ගත කිරීමට කටයුතු කිරීමත් සමඟයි.

Globalstar සමාගම මෙම Band 53 සහ n53 spectrum එක චන්ද්‍රිකා හරහා සන්නිවේදනය සඳහා භාවිතා කරන්නේ නොමැති නමුත් දැනට භාවිතා කරන 4G සහ 5G private network සඳහා භාවිතා කරනවා.

මේ Band 53 සහ n53 spectrum එක මීට පෙර චන්ද්‍රිකා හරහා සන්නිවේදනය සඳහා භාවිතා වුවත් මේ වන විට එය පෘතුවිය මත සන්නිවේදනය සඳහා පමණක් භාවිතා කරනු ලබන අතර, මේ වන විට චන්ද්‍රිකා හරහා සන්නිවේදනය සඳහා භාවිතා කිරීම සඳහා අවසරයක් මෙම band සඳහා හිමිවී නොමැත.

එමෙන්ම මෙම අලුත් bands එකතු වන්නේ Qualcomm සමාගමේ X65 modem වලට වන අතර, iPhone 13 වලට අන්තර්ගත කෙරෙන X60 chip එකේ n53 spectrum එකට සහාය දැක්වීමක් ද ඇතුලත් වන්නෙ නැහැ.

නමුත් නවතම iPhone 13 එක චන්ද්‍රිකා හරහා සන්නිවේදනය සඳහා නොව, වැඩිදියුණු කරන ලද 5G connectivity එක සදහා සහය දෙනු ඇති.

දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව සැප්තැම්බර් මස 14 වන දින iPhone 13 ජංගම දුරකතනය release වන අතර, ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙම ලිපිය වෙත පිවිසෙන්න.

Source: The Next Web