Loading...
Android 16 ​සමඟි​න් Auracast එකතු කිරීමෙන් hearing aids ඍජුව සම්බන්ධ කිරීමේ හැකියාව හිමි​වේ

Google සමාගම විසින් Android 16 beta 3 සමඟින් Bluetooth හි නවතම විප්ලවීය තාක්ෂණය වන Auracast හඳුන්වා දී තිබෙනවා. මෙය ඩිජිටල් සන්නිවේදනයේ ලොකු පෙරළියක් ලෙස දක්වන්න පුලුවන්. විශේෂයෙන්ම ශ්‍රවණ ආබාධ තියෙන අයට, මේ තාක්ෂණය ජීවිතය වඩාත් පහසු කරනවා. Auracast එකෙන් ඔබේ දුරකථනය, hearing aids (ශ්‍රවණ උපකරණ) වලට සෘජුවම සම්බන්ධ කරනු ලබනවා.

Auracast කියන්නේ මොකක්ද?

Auracast කියන්නේ Bluetooth LE (Low Energy) Audio හි කොටසක්, එනම් Bluetooth 5.2 එක්ක 2022දී හඳුන්වා දුන් තාක්ෂණයක්. මේකෙන් එක උපකරණයකින් (transmitter) අසීමිත උපකරණ ගණනකට (receivers) Audio යවන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ දුරකථනයෙන් ගුවන්තොටුපළක TV එකක ශබ්දය හෝ දැන්වීම් ඔබේ earbuds හෝ hearing aids වලට ලබා ගන්න පුළුවන්. Bluetooth SIG (Special Interest Group) කියනවා Auracast එකෙන් "shared audio experiences" ලබා ගන්න පුළුවන් කියලා. මේ පිළිබඳව වාර්තා වන තොරතුරුවලට අනුව, Auracast එක CD-quality ශබ්දයත් ලබා දෙනවා.

Google සමාගම දක්වන විදිහට, hearing aid presets ඔබේ දුරකථනයේ settings වලින් personalize කරන්නත් පුළුවන්. ඒකෙන් ශ්‍රවණ ආබාධ තියෙන අයට ශබ්දය තමන්ට ගැලපෙන විදිහට සකස් කරගන්න ඉඩ ලැබෙනවා.

Android 16 beta 3 හෝ ඊට ඉහළ Version සඳහා මෙය සහාය දක්වන අතර දැනට Pixel 9, Samsung Galaxy One UI 7 සහිත Galaxy Smartphones සඳහා මෙම පහසුකම ලැබී තිබෙනවා. එමෙන්ම Bluetooth LE Audio සහය දෙන උපකරණ Hearing Aids හෝ Earbuds අවශ්‍ය වන අතර දැනට GN Hearing, Starkey වගේ hearing aids, හෝ JBL Tour Pro 3 වගේ earbuds මේ සඳහා සහාය ලබා දෙනවා.

Source: www.zdnet.com www.cnet.com