Loading...
Theft Protection පහසුකම Android 10 සිට ඉහළට නිකුත් කිරීම අරඹ​යි

Google සමාගම විසින් Android Devices සඳහා පසුගිය මැයි මාසයේදී පමණ නව Theft Protection Features තුනක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ Theft Detection Lock, Offline Device Lock සහ Remote Lock ලෙසින්. මේ නව Features මීට පෙර බ්‍රසීලයට පමණක් ලබා දී තිබු අතර මේ වන විට වෙනත් රටවල් සඳහාත් ලබා දීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මේ Theft Protection Features ඔබගේ දුරකථනය සොරාගත් විට හෝ නැති වු විට එහි ඇති ඔබගේ දත්ත ආරක්ෂා කර ගැනීමට උපකාරී වනවා.

  • Theft Detection Lock - මේ ඔස්සේ ඔබ Smartphone එක භාවිත කරන විට යම් අයෙකු උදුරාගත්තේ නම් එහි ඇති Sensors ඔස්සේ ඒ ඔබ හඳුනා ගෙන ගෙන ඔබගේ Smartphone එක ස්වයංක්‍රීයවම Lock කරනු ලබනවා.
  • Offline Device Unlock - යම් අයුරකින් ඉතා දිගු කාලයක් ඔබගේ Smartphone එක Offline ලෙස පවතී නම් එය හඳුනාගෙන ස්වයංක්‍රීයවම Smartphone එක Lock කරනු ලබනවා.
  • Remote Lock - මේ ඔස්සේ https://android.com/lock වෙත පිවිස ඔබගේ දුරකථන අංකය භාවිතයෙන් Smartphone එක Lock කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ වන විට ලොව පුර සිටින Android පරිශීකයන්ගෙන් මෙම පහසුකම ලැබීම පිළිබඳව තොරතුරු වාර්තා වුව​ත් තවමත් මේ Features නිල වශයෙන් නිකුත් කිරීමක් පිළිබඳව සඳහනක් Google සමාගම විසින් සඳහන් කර නොමැති වුවද, ඉදිරියේදී මේ පිළිබඳව Google සමාගම විසින් නිල වශයෙන්ම නිවේදනය කරනු ඇති බව බලාපොරොත්තු විය හැකියි.

Source: www.androidauthority.com 9to5google.com