Loading...
ඔක්තෝම්බරයේ නිකුත් වීමට ඇති Apple iPhone 12 series එකේ මිල ගණන් අන්තර්ජාලයට නිකුත් වේ

2020 වසරේ නිකුත් විමට නියමිත වෙන iPhone 12 Series එක පිළිබඳව මේ වන විට හැමෝම අවධානය යොමු කරමින් සිටිනවා. කෙසේ වෙතත් තවමත් නිල වශයෙන් iPhone 12 Series එක නිකුත් කරන දිනයක් පිළිබඳව Apple සමාගම විසින් පවසා නැ. නමුත් මේ වන විට iPhone 12 Device Series එකේ Devicesවල Specifications ගැන විවිධ තොරතුරු පල වෙනවා. මේ වන විට iPhone 12 Series එකේ Devicesවල මිල ගණන් පිළිබඳව තොරතුරු පළ වි තිබෙනවා.

iPhone 12 Series එක යටතේ Devices 4 පිළිබඳව තොරතුරැ පල වෙනවා. ඒ iPhone 12 Mini, iPhone 12, iPhone 12 Pro හා iPhone 12 Pro Max කියන Devices 04 යි. මින් iPhone 12 Mini හා iPhone 12 කියන Devices දෙක 64/128/256GB ලෙස Storage Optionවලින් යුතු වෙන අතර iPhone 12 Pro හා Pro Max කියන Devices දෙක 128/256/512GB ලෙස Storage Optionවලින් ද යුතු වෙනවා.

මේ වන විට iPhone 12 Series එකේ Devicesවල මිල ගණන් පිළිබඳව තොරතුරැ නිකුත් වි තිබෙනවා. ඒ අනුව iPhone 12 Series එක ඩොලර් 649ක සිට ඩොලර් 1,399 දක්වා පරාසයක පැතිරි තිබෙනවා.

iPhone 12 Mini
64GB – $649‌‌
128GB – $699‌‌
256GB – $799

iPhone 12‌‌
64GB – $749‌‌
128GB – $799
‌‌256GB – $899

iPhone 12 Pro‌‌
128GB – $999‌‌
256GB – $1,099
512GB – $1,299

iPhone 12 Pro Max‌‌
128GB – $1,099‌‌
256GB – $1,199‌‌
512GB – $1,399

iPhone 12 mini

මින් iPhone 12 Mini කියන්නේ මේ වන විට iPhone 12 Series එක පිළිබඳව ගොඩක් අවධානය යොමු වෙන්න හේතු වුන Device එකක් විදිහට සදහන් කරන්න පුළුවන්. මුලින්ම iPhone 12 Series එක පිළිබඳව විවිධ Leaks හා Rumors නිකුත් විමේදි මෙවැනි Mini Devices එකක් පිළිබඳව සදහන් වුයේ නැ. මිට සති කිහිපයකට පෙර තමා මේ iPhone 12 Mini Device එක පිළිබඳව තොරතුරු හුවමාරුව ආරම්භ වුයේ. මේ Mini Device එකත් අනෙක් iPhone 12 Series එකේ Deviceවල Specsවලින්ම සමන්විත වෙන අතර මෙය අගල් 5.4 Display එකකින් සමන්විත විමයි විශේෂය වෙන්නේ.

Display Size

iPhone 12 හා iPhone 12 Pro Devices අගල් 6.1 ක Display එකකින් ද Pro Max Device එක අගල් 6.7 ක Display එකකින් සමන්විත වෙනවා. මිට අනුව iPhone 12 Lineup එකේ කුඩාම Device එක විදිහට අගල් 5.4ක Display එකකින් සමන්විත වෙන iPhone 12 Mini Device එක දැක්විය හැකියි.

ඒ වගේම iPhone 12 Series එකේ Display එක සදහා OLED Panel භාවිත කරන බවටත් 5G Connectivity එකෙන් සියලු Devices සමන්විත වෙන බවටත් තොරතුරු පළ වි තිබෙනවා. එමෙන්ම Pro Models සදහා 5G mmWave Connectivity එකත් Camera Setup එක සදහා LiDAR Scanner එකත් අඩංගු කර තිබෙන බවට තොරතුරු පළ වෙනවා.

Sources : Gizmochina