Android සහ iPhone පරිශීලකයින් වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අතිශය වැදගත් තාක්ෂණික පහසුකමක් වන Quick Share සහ AirDrop අතර අන්තර්-ක්‍රියාකාරීත්වය මේ වසරේදී තවදුරටත් ව්‍යාප්ත කරන බව Google සමාගම නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මීට පෙර Pixel 10 මාදිලිවලට පමණක් සීමා වී තිබූ මෙම පහසුකම දැන් අනෙකුත් Android උපාංග වෙත ද හිමිවීමට නියමිත වනවා.
පසුගිය වසරේදී Google විසින් ප්‍රථම වරට Android දුරකථනයක සිට iPhone එකකට සෘජුවම Files හුවමාරු කිරීමේ හැකියාව හඳුන්වා දුන් අතර එය මෙතෙක් පැවතියේ Pixel 10 Series Smartphones සඳහා පමණයි. නමුත් 2026 වසරේදී මෙය අනෙකුත් Android Smartphones රැසක් සඳහා ලබා දෙන බව Google හි ඉංජිනේරු අංශයේ උප සභාපති එරික් කේ (Eric Kay) මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මෙම පහසුකම හුදෙක් iPhone සඳහා පමණක් නොව, iPad සහ MacBook පරිගණක සමඟ ද බාධාවකින් තොරව ගොනු හුවමාරු කළ හැකි පරිදි ලැබෙනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්. එමෙන්ම මේ වන විට Nothing සමාගම මෙම පහසුකම සිය Smartphonesවලට එක් කිරීමට කටයුතු කරන බවත් තහවුරු කර තිබෙන අතරම Qualcomm සමාගම ද Snapdragon Chipset සහිත Smartphonesවලටත් මෙය ලබා දීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වනවා.
AirDrop is now compatible with Android! This is the kind of progress we need to see.
— Carl Pei (@getpeid) November 20, 2025
We’re already exploring how to bring this to Nothing phones as soon as we can. pic.twitter.com/dg9llVPA2I
මෙය ක්‍රියා කරන්නේ කෙසේද?
Google විසින් මෙම AirDrop අන්තර්-ක්‍රියාකාරීත්වය සක්‍රීය කර ඇත්තේ Android පද්ධතියේ ඇති Quick Share Extension එක හරහා වන අතර එය දැන් Play Store හරහා යාවත්කාලීන කළ හැකි APK ලෙස පවතින බැවින් ඕනෑම Android නිෂ්පාදකයෙකුට සිය උපාංග සඳහා මෙය ඇතුළත් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.
මෙතෙක් කාලයක් iPhone සහ Android භාවිතා කරන මිතුරන් දෙදෙනෙකු අතර ඡායාරූපයක් හෝ වීඩියෝවක් හුවමාරු කර ගැනීමට WhatsApp හෝ වෙනත් තෙවන පාර්ශවීය යෙදුම් භාවිතා කිරීමට සිදු වූ අතර මෙම නව යාවත්කාලීන කිරීමත් සමඟ කිසිදු යෙදුමකින් තොරව AirDrop තාක්ෂණය භාවිතයෙන් වේගවත්ව සහ ගුණාත්මකභාවය අඩු නොකර දත්ත හුවමාරු කර ගැනීමට සියලුම Android පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්.
Source: www.androidauthority.com








