Loading...
''App Sideloading'' කිරීම සීමා කිරීමේ සැළසුම් පිළිබඳව Google සමාගම නිවේදනය කරයි

ලොව පුරා බිලියන ගණනක් භාවිතා කරන්නන් සිටින Android මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂාව සහ දත්තවල සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින්, Google සමාගම සිය App Install කිරීමේ ක්‍රමවේදයන්හි දැඩි වෙනස්කම් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම නව ප්‍රතිපත්තිය යටතේ, Play Storeවලින් පිටත App Install කිරීමේ ක්‍රියාවලිය වන ‘Sideloading’ මින් ඉදිරියට Experienced Users නම් ඛාණ්ඩයකට පමණක් සීමා වනවා.

මෙමගින් Scammers බලපෑම්වලින් සහ අනවශ්‍ය ආරක්ෂක අවදානම්වලින් සාමාන්‍ය පරිශීලකයා ආරක්ෂා කිරීම සිදු වනු ඇත.

මීට පෙර Android මෙහෙයුම් පද්ධතිය තුළ යෙදුම් Sideload කිරීම ඉතා සරල ක්‍රියාවලියක් විය. එනම්, පරිශීලකයෙකුට අන්තර්ජාලයෙන් ඕනැම APK එකක් Download කර, “Installation of Unknown Apps” ඔස්සේ අවශ්‍ය අවසරයන් සක්‍රීය කිරීමෙන් Apps පහසුවෙන් කිරීමට හැකි වනවා. කෙසේ වෙතත්, මෙම විවෘතභාවය හේතුවෙන් ආරක්ෂක අවදානම් සහ දත්ත සොරකම් කිරීමේ සිදුවීම් ඉහළ යෑමට ඉඩ සැලසුණි. මේ හේතුව නිසා, Google සමාගම පසුගිය අගෝස්තු මාසයේදී නිල වශයෙන් නිවේදනය කළේ, පරිශීලකයන් විසින් Sideload කරන යෙදුම් සඳහා ‘Developer Verification’ අනිවාර්ය කිරීමට කටයුතු කරන බවයි.

දැනටමත්, Google විසින් Play Store වෙතින් පිටත ප්‍රධාන වශයෙන් යෙදුම් බෙදා හරින සංවර්ධකයින් සඳහා, මෙම Developer Verification Programහි Early Access ලබා දීම ආරම්භ කර තිබෙනවා.

නව ප්‍රතිපත්ති යටතේ, Google විසින් Sideloading වරප්‍රසාදය සීමා කරන්නේ සාමාන්‍ය පරිශීලකයාට පමණි. ඒ වෙනුවට, ‘Experienced Users’ නම් කොටසකට, සත්‍යාපනය නොකළ Apps Install කිරීමේ හැකියාව ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Android App Safety හි නිෂ්පාදන කළමනාකරණ අධ්‍යක්ෂ Matthew Forsythe මහතා මෙම නව ක්‍රමවේදය මෙසේ පැහැදිලි කරනවා;

"We are building a new advanced flow that allows experienced users to accept the risks of installing software that isn't verified. We are designing this flow specifically to resist coercion, ensuring that users aren't tricked into bypassing these safety checks while under pressure from a scammer. It will also include clear warnings to ensure users fully understand the risks involved, but ultimately, it puts the choice in their hands."

Google හි නව Developer Verification Requirement ක්‍රියාත්මක කිරීම 2026 වසරේදී අදියර වශයෙන් ලොව පුරා ව්‍යාප්ත වනු ඇති අතර පළමු අදියර (2026) යටතේ බ්‍රසීලය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලටත් දෙවන අදියර යටතේ, 2026 වසරේ අගභාගයේදී වඩා අනෙක් රටවල් සඳහාත් මෙය ව්‍යාප්ත කරනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්.

මෙමගින්, Android පද්ධතිය තුළ සාමාන්‍ය පරිශීලකයාගේ ආරක්ෂාව සහතික කිරීමත්, දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් සහගත ප්‍රවේශයක් පවත්වා ගැනීමත් Google සමාගමට හැකි වනු ඇත.

Source: android-developers.googleblog.com www.gsmarena.com