Loading...
Appleහි Contact Poster විශේෂාංගයට සමාන Calling Card නම් විශේෂාංගයක් Google Phone App එක සඳහා හඳුන්වා දීමට සැරසේ

Google Phone App වෙත මෑතකදී හඳුන්වා දුන් 'Calling Card' නම් නවතම විශේෂාංගය ඔස්සේ, Apple සමාගමේ විසින් හඳුන්වා දුන් Contact Posters විශේෂාංගයට සමාන අත්දැකීමක් Android පරිශීලකයන්ටත් ලබා දී තිබෙනවා.

Google සමාගම, Phone by Google App හි Beta Version එකක ඔස්සේ මෙහි නවතම පහසුකම් ලබා දී අති අතර App එකේ Settings මගින් ඇමතුමක් ලබා දෙන හෝ ලබා ගන්නා විට ඔබ දර්ශනය වන ආකාරය Customize කිරීමේ හැකියාව ලැබෙනවා.

මෙම පහසුකම ඔස්සේ, ඔබට ඔබේම Calling Card එකක් සෑදීමට අවස්ථාව ලැබෙන අතර මේ Self-Card එකට ඔබ විසින් තෝරා ගත් Image එකක් මෙන්ම, විවිධ Fonts සහ වර්ණ යොදා ගත් නමක් ද ඇතුළත් කළ හැකි වනවා. වැදගත්ම කරුණ වන්නේ, ඔබ යම් පුද්ගලයකුට ඇමතුමක් ලබා දුන් විට, ඔබ විසින් නිර්මාණය කළ එම Card එක ස්වයංක්‍රීයව ඔවුන්ගේ දුරකථනයට යැවීම හෝ ඔවුන්ට එය ලබා ගැනීමට අවස්ථාව සලසා දීමයි.

Image Source - Android Police

මෙය, තමන්ගේම පෙනුම තමන් විසින්ම තීරණය කර එය අනෙක් පාර්ශ්වයට පෙන්වීමට හැකි Apple හි Contact Posters විශේෂාංගයට සමාන ක්‍රමවේදයක් ලෙස සරලව දක්වන්න පුලුවන්. කෙසේ වෙතත් වාර්තාවන තොරතුරුවලට අනුව Google හි මෙම ක්‍රියාත්මක කිරීම, Apple මෙන් Direct Transmission එකක් නොවන අතර, ඇමතුම ලබා ගන්නා තැනැත්තාට ඔබේ Calling Card එක භාවිත කිරීමට හෝ තමන් විසින්ම නිර්මාණය කර ගත් Card එකක් භාවිත කිරීමේ හැකියාව ලබා දෙනු අතරම තවමත් මේ Calling Card විශේෂාංගය සඳහා මෙම පහසුකම් නිකුත් කරන දිනයක් පිළීබන්දව කිසිදු සදහනක් වන්නේ නැත.

Source: support.google www.androidpolice.com