Loading...
එකවර Apps කිහිපයක් Install කිරීමේ හැකියාව Play Store සඳහා ලබා දෙයි

Google සමාගම විසින් Play Store ඔස්සේ වරකට එක් App එකක් පමණක් Download හෝ Install කර ගැනීමේ පහසුකම ලබා දී තිබුණ අතර මේ වන විට Apps කිහිපයක් එකවර Download හෝ Install කර ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

ඒ අනුව එකවර Apps 03ක පමණ ප්‍රමාණයක් Download හෝ Install කර ගත හැකි අතර ඊට වඩා ප්‍රමාණයක් ඔබ Download කරමින් පවති නම් ඒවා Pending ලෙසින් දිස් වනු ලබනවා. කෙසේ වෙතත් මීට පෙර හැකි වුයේ එක වර එක් App එකක් පමණක් වු නිසා මෙය ඇත්තෙන්ම ඉතා වටිනා පහසුකමක් ලෙස දක්වන්න පුලුවන්.

Image - Android Authority

කෙසේ වෙතත් වර්තමාන Smartphones බොහෝමයක් UFS හෝ NVMe වැනි ඉතා වේගවත් Internal Storagesවලින් යුතු වන නිසා මෙය හඳුන්වා දීමට මොවුන් මෙලෙස කටයුතු කළ බව වැඩිදුරටත් දක්වන්න පුලුවන්.

Source: 9to5google.com androidauthority.com