Loading...
Google සමාගම විසින් Play Store සඳහා crowdsource ආකාරයට App install optimization පහසුකම හඳුන්වාදීමට සූදානම් වේ

පසුගිය වසර කිහිපය තුළම Google සමාගම විසින් Android Appsවල Size එක අඩු කිරිම පිළිබඳ කටයුතු කල අතර එහි ප්‍රතිඵලයක් විදිහට මේ වෙන විට අඩු RAM හා අඩු Internal Storage ඇති Smart Phones සදහා Google සමාගම විසින් ඔවුන්ගේ Android Go Edition එක හදුන්වා දිමට කටයුතු කරනු ලැබුවා. එලෙස හදුන්වා දුන් Google Go App එක Play Storeහි downloads මිලියන 500 සීමාව පසු කිරීමට සමත් වු බවත් අපි ඔබ වෙත පසුගිය දිනක වාර්තා කරනු ලැබුවා.

මේ වෙන විට ලැබෙන නවතම තොරතුරුවලට අනුව Google සමාගම විසින්  App Install Optimization Feature එක නමින් නව Feature එකක් Google Play සදහා හදුන්වා දිම පිළිබඳ කටයුතු කරමින් සිටින බවට Google සමාගම විසින් වාර්තා කර තිබෙනවා. මේ App Install Optimization Feature එක මගින් අපි අපේ Smart Phone එකේ Apps භාවිත කරන ආකාරය, එම Appවල භාවිත කරන Features ආදිය හදුනා ගන්නා අතර එම දත්තයන් මගින් අපි නැවත ඒ ඒ Apps භාවිතා කරන අවස්ථාවේදි ඉතා හොදින් ඉක්මනික් එම Apps ක්‍රියාත්මක කරවිමට හැකියාව අපේ Smart Phone එකට ලැබෙනු ඇත.

මේ Crowdsourced Feature එක මගින් අපි අපේ Smart Phone එකේ Apps භාවිත කරන ආකාරයට, ඒ ඒ Appsවල භාවිත කරන Features ආදිය පිළිබඳ තොරතුරු ලබා ගත්ත ද ඔබේ නම, E mail Address හෝ වෙනත් කිසිදු පෞද්ගලික තොරතුරක් ලබා ගැනිම හෝ එකතු කිරිමක් සිදු කරන්නේ නැ. ඒ වගේම මේ App Install Optimization Feature එක නිසි ලෙස ක්‍රියාත්මක විමට ලබා ගන්නා තොරතුරු කිසිවක් ද වෙනත් පාර්ශවයක් සමග බෙදා ගැනිමක් සිදු නොවන බවටත් සදහන් වෙනවා.

මේ App Install Optimization Feature එක මගින් ප්‍රධාන ප්‍රතිලාභ 03 ක් ලැබෙන බව Google සමාගම විසින් සදහන් කර තිබෙනවා.

  1. Google Play මගින් Download කරන Appsවල Install විමට ගත වෙන කාලය අඩු කිරිම.
  2. එම Apps Open කිරිමට හා Run කිරිමට ගත වෙන කාලය අඩු කිරිම.
  3. එම Apps සදහා භාවිත වෙන Device CPU, Battery හා Storage ප්‍රමාණයයන් අවම කිරිම.

ඔවුන් දක්වන පරිදි මේ App Install Optimization Feature එක ඒ ඒ Apps සදහා විවිධ ආකාරවලින් ක්‍රියාත්මක වෙනු ඇත. එනම් ඒ ඒ Apps මගින් ඔබට කළ යුතුම අවශ්‍යතාව ඉක්මනින්ම ඉටු කර දිමට ඔබගේ Smart Phone එක Optimize කිරිම මේ මගින් සිදු වෙනවා. ඒ වගේම මේ App Install Optimization Feature එක භාවිතා කිරිම අනිවාර්ය නොවන අතර ඔබගේ අවශ්‍යතාව පරිදි එම Feature එක ඔබට ප්‍රයොජනවන් නම් එය Play Store Settings මගින් සක්‍රීය කර ගැනිමේ හැකියාව පවතිනවා. එය අවශ්‍ය නොමැති නම් ඉවත් කල හැකි ද වෙනවා.

තවමත් මේ App Install Optimization Feature එක Google Play Store සදහා ලබා දි නොමැති අතර ඉදිරි දින කිහිපය තුල මේ Feature එක ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Google, 9 to 5 Google