Google සමාගම විසින් තම Pixel ජංගම දුරකථනවලට Pixel පරිශිලකයින් විසින් බොහෝ කලක සිට බලාපොරොත්තුව සිටි විශේෂාංගයක් ලබා දීමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.
මේ අනුව, Pixel පරිශීලකයන්ට තම දුරකථනයේ Screen එක Double Tap කිරීම මගින් Screen එක Off කිරීමේ පහසුකම මෙලෙස ලැබෙනු ඇත. එය Android 16 Beta Version එකක් සමඟ හඳුනා ගැනීමට ලැබී ඇති අතර කෙසේ වුවත් Android 16 Stable Version එක සමඟින් මෙය නොලැබෙන ඇති වුවත් මේ වසර අවසානයේ හෝ 2026 වසර මුලදී ලැබෙන Quarterly Update එකක් ඔස්සේ නිල වශයෙන්ම ලැබිය හැකි බව සඳහන් වනවා.
Samsung, Xiaomi, OnePlus වගේ ජංගම දුරකථනවල මේ Double Tap to Display Turn off විශේෂාංගය බොහෝ කලක සිට තිබුණත්, Pixel දුරකථනවල මෙය නොතිබීම ලොකු අඩුපාඩුවක් වුණා. Pixel දුරකථනවල Double Tap to Wake විශේෂාංගය තිබුණත්, Display එක Off කිරීමට විශේෂාංගයක් පැවැතුණේ නැ. සමහර Pixel පරිශිලකයින් මේ නිසාම Nova Launcher වගේ third-party Launchers භාවිතා කරලා මේ විශේෂාංගය භාවිත කරනු ලැබුවා.
මෙලෙස Google Pixel සඳහා Double Tap to Wake විශේෂාංගය 2016 සිට ලැබුණත්, Double Tap to Display Turn off විශේෂාංගය ලැබීමට මෙතරම් කලක් ගත වීම විමතියට කරුණක්. එමෙන්ම 2020දී Android 11 Developer Preview එකකදී “Columbus” නමින් double-tap gesture එකක් පිළිබඳව Test කළත්, ඒක Stable Version එකට ලබා දීමක් වුයේ නැ.
Source: www.androidauthority.com www.androidpolice.com