පසුගිය දිනක Nothing සමාගම විසින් ඔවුන්ගේ නවතම Nothing Phone (2) එක Premium Design එකකින් යුතුව එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පමණ එළිදැක්විමට නියමිත බවට අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා.
මීට පැය කිහිපයකට පෙර Nothing සමාගමේ CEO වන Carl Pei මහතා විසින් ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ එළිදැක්විමට නියමිත මේ Nothing Phone (2) එක Qualcomm’s Snapdragon 8+ Gen 1 SoC එක මගින් බලගැන්වෙන බවට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව මේ Smart Phone එක බොහෝ විට ජුනි හෝ අගෝස්තු මාසවලදී එළිදැක්විමට සුදානම් බවත් දක්වන්න පුලුවන්.
There has been a lot of discussion ever since we announced that Phone (2) will have a Snapdragon 8 Series chipset. Well here's some news - it’s going to be the premium-tier powerhouse Snapdragon 8+ Gen 1. A clear upgrade from Phone (1). Let’s talk about the key differences👇 pic.twitter.com/l5NwCxDAVa
— Carl Pei (@getpeid) May 18, 2023
ඒ වගේම මීට අමතරව මේ Smart Phone එකේ මිල, පසුගිය Nothing Phone (1) එකට සාපේක්ෂව ඉතා ඉහළ නොයනු ඇති බවත් දක්වන්න පුලුවන්. මේ සඳහා 12GB RAM ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේම 120Hz Display Refresh Rate එකකින් සමන්විත Adaptive AMOLED Display එකක් හා 5000mAh Battery එකකිනුත් මේ Smart Phone එක සමන්විත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.
Sources: Gizmochina Android Authority