Tecno කියන චීන සමාගම ලෝකයේ සිහින්ම ස්මාර්ට්ෆෝන් එක විදිහට Tecno Spark Slim හඳුන්වා දෙන්න සමත් වී තිබෙනවා. මේ දුරකථනයේ ඝනකම මිලිමීටර් 5.75ක් පමණ වනවා. ඒ කියන්නේ Samsung Galaxy S25 Ultra එකටත් වඩා 33% පමණ සිහින් සහ iPhone 16 එකට වඩා මිලිමීටර් 2කට ආසන්න ප්‍රමාණයකින් සිහින් වනවා.
මේ Tecno Spark Slim Smartphone එක 2025 මාර්තු 3 සිට 6 දක්වා බාර්සිලෝනාවේ පැවැත්වෙන Mobile World Congress (MWC) 2025 හිදී Tecno සමාගම විසින් ප්‍රදර්ශනය කරන්න නියමිත අතර මෙය තවමත් concept phone එකක් විතරයි. ඒ කියන්නේ මේක වෙළඳපොළට එයිද නැද්ද කියලා තාම තහවුරු වෙලා නැහැ.
Tecno Spark Slim එක සිහින් විතරක් නෙවෙයි, ඒය තාක්ෂණික වශයෙනුත් ඉහළ මට්ටමක පවතින Smartphone එකක්.
🔥 Breaking Boundaries at #MWC2025! TECNO SPARK Slim debuts as the world's slimmest 5.75mm smartphone with an immersive 5200mAh+ battery. 💫🌟 6.78" 3D Curved AMOLED, dual 50MP cameras + futuristic design meet unstoppable power. See innovation unfold at Booth 6B11!… pic.twitter.com/Ypuo2QbUCe
— tecnomobile (@tecnomobile) February 28, 2025
ඝනකම මිලිමීටර් 5.75ක් පමණ වන මෙය ලෝකයේ සිහින්ම ස්මාර්ට්ෆෝන් එක විදිහට Tecno ප්‍රකාශ කරලා තියෙනවා. අඟල් 6.78 3D Curved AMOLED තිරයක් සමඟ 1.5K (1224p) විභේදනය, 144Hz Display Refresh Rate එක, සහ Nite 4,500ක උපරිම දීප්තිය ලබා ගන්න පුලුවන්. 5,200mAh Battery ධාරිතාවක් සහිත වන අතර මිලිමීටර් 4.04ක ඝනකමකින් යුතු මෙය high-density බැටරියක් වනවා. එමෙන්ම 45W Fast Charging පහසුකමත් ලබා දී තිබෙනවා. 50MP + 50MP ද්විත්ව පසුපස කැමරා පද්ධතියක් සහ 13MP ඉදිරිපස කැමරාවක් ලබා දී තිබෙනවා. Processor එක ලෙස Octa-core CPU එකක් යොදා ගනු ඇති අතර එය කුමක් දැයි තවමත් ඔවුන් ප්‍රකාශ කර නොමැති වනවා. Tecno Spark Slim Smartphone එකේ බඳ recycled aluminum සහ stainless steel unibody එකකින් හදලා තියෙනවා.
ඒ වගේම මේකෙ curved edges එක්ක එන ergonomic design එකකුත් තියෙනවා. ඒ Design එක භාවිත කරන්න ඉතා පහසු වන බව අපගේ මතය. කැමරා bump එක ටිකක් උස් වුණත්, මුළු බඳම මිලිමීටර් 5.75ක ඝනකමකින් යුක්තයි.
ඉදිරියේදී එළි දැක්වීමට නියමිත Samsung හි Galaxy S25 Edge එක මිලිමීටර් 5.84ක් වෙද්දී, Apple හි iPhone 17 “Air” එක මිලිමීටර් 5.5ක් වෙන්න පුළුවන් කියලත් වාර්තා වනවා. ඒත් Tecno Spark Slim එක මේ දෙකටම වඩා සිහින් වෙන්නේ නැතත්, 5,200mAh බැටරියක් එක්ක එන එකම සිහින් දුරකථනය විදිහට මෙය දක්වන්න පුලුවන්. Galaxy S25 Ultra එකේ 5,000mAh බැටරියටත් වඩා ධාරිතාවක් මේකෙ තියෙනවා, ඒකත් මිලිමීටර් 8.2ක ඝනකමකින්!
MWC 2025 හිදී මේක බලන්න ලැබුණත්, ඒක වෙළඳපොළට එයිද නැද්ද කියන එක තාම අවිනිශ්චිතයි. ඒත් Tecno වගේ සමාගමක් මෙච්චර සිහින් දුරකථනයකට 5,200mAh බැටරියක්, AMOLED තිරයක්, සහ 50MP කැමරා දෙකක් දාලා concept එකක් හැදුව එකම ලොකු ජයග්‍රහණයක්.
ඔබ මේක ගැන මොකද හිතන්නේ? Spark Slim එක වෙළඳපොළට ආවොත් ඔබ ගන්නවද?
Source: www.gsmarena.com 9to5google.com www.gadgets360.com