Loading...
Google සමාගම තම නවතම Android සංස්කරණය වන Android 12 නිල වශයෙන් නිකුත් කිරීමට කටයුතු කරයි

Android මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වෙන Android 12 මෙහෙයුම් පද්ධතිය Stable සංස්කරණයක් ලෙස මුදා හැරීමට ඊයේ දිනයේදී එනම් ඔක්තෝබර් 4 වන දින නිකුත් කිරීමට google සමාගම විසින් කටයුතු කරනු ලැබුවා. කොහොම වුණත් Android මෙහෙයුම් පද්ධතියේ පෙර සංස්කරණ වගේ නෙවෙයි මේ වසර නම් අලුත් Android 12 නිකුත් උනේ. පෙර සංස්කරන නිකුත් කිරීමේදි නම් google pixel line එකේ දුරකතන වලට අලුත් android සංස්කරනයක් එනවත් සමග තමා ඔවුන් අලුත් Android සංස්කරණය announce කරේ. ඒත් මේ වසරෙදි නම් ඒක එහෙම උනේ නෑ.

Google සමාගම Android Developers blog අඩවියේ “We’re pushing the source to the Android Open Source Project (AOSP) and officially releasing the latest version of Android” ලෙස පල කිරීමකින් තමා මෙම නවතම Android සංස්කරණය මුදා හැරීම පිළිබඳව තහවුරු කළේ.

අපි දැන් බලමු Android 12 මෙහෙයුම් පද්ධතිය සමග ප්‍රධාන වශයෙන් අපට අපට මොනවද අලුතෙන් දැකගන්න ලැබෙන්නේ කියලා.

A new UI – Material You

Android 12 සමග redesign කරන ලද නවතම UI එකක් හඳුන්වලා දීලා තියෙනවා. එය Material You කියලා නව භාෂාවකිං තමා හඳුන්වලා දීලා තියෙන්නේ. මෙහිදී redesign කළ widgets වල rounded corners, interactive controls and dynamic colours වලින් පරිශීලකයන්ට බලාගන්න පුළුවන්.

Notification UI and Stretch overscroll

මෙහිදී නව notification UI එකක් සමග modern look එකක් ලබා දි තිබෙනවා. Stretch overscroll නමින් නව stretch feature එකක් හදුන්වා දි ඇති අතර ඒ මගින් පෙරට වඩා හොඳ Smooth එකක් Scrolling වලදි ලබා දිමට සමත් වි තිබෙනවා.

App launch splash screens

Google විසින් පවසන විදියට Android 12 හි සියලුම apps සඳහා splash screen ඇතුලත් කර ඇති අතර app developers ලට තමන්ට අවශ්‍ය පරිදි splash screen එක customize කළ හැකි බවයි.

Faster, more efficient system and performance

නවතම Android 12 සමග පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ වැඩිදියුණු කිරීමක් කරලා තියෙනවා කියලා තමා අපිට අහන්න ලැබෙන්නෙ. ඔවුන්ගෙ බ්ලොග් සටහනට අනුව system service මගෙන් භාවිතා කරන CPU කාලය 22% අඩු කර අතරම විශාල වශයෙන් cores භාවිතය 15%කින් අඩු කර ඇත. Optimize කරන ලද I/O වලින් apps වේගවත් ලෙස start වීම හා load වීම සිදු වේ.

Privacy

පරිශීලකයන්ට microphone, camera සහ location data වලට ප්‍රවේශ වන්නේ කුමන apps වලින්ද යන්න බලා ගැනීම සඳහා නව privacy dashboard එකක් settings තුල බලාගන්න ලැබෙනවා. Android 12 පරිශීලකයන් හට ඔවුන්ගේ precise (නිශ්චිත) location හෝ approximate (දළ) location යෙදුම් සමග(apps) බොහෝ මාරු කරගැනීම සඳහා තෝරා ගැනීමට විකල්පයක් කර ඇත.

App එකක් මගින් microphone හෝ camera access කරලා තියෙනවද කියලා status බාර් එකේ indicator එකක් මගින් පරිශීලකයාට දැකගැනීමට සැලැස්වීමද මෙම නව privacy update එකේ විශේෂත්වයකි.

ඊට අමතරව අපිට Android 12 සංස්කරණය සමග තවත් බලාගනන්න ලැබෙන අලුත් දේවල් මොනවද කියලා ඔයලාට මෙම ලිපියෙන් දැකගන්න පුළුවන් වෙයි.

අවසාන වශයෙන් අපිට කවදද Android 12 ලැබෙන්නෙ?

Android 12 යාවත්කාලීනය ඉදිරි සති කිහිපය තුළ pixel දුරකථන වලට ලබාදෙන බව තමයි Google ආයතන විසින් පවසන්නේ. ඉන්පසුව Samsung, OnePlus, OPPO, Realme, Tecno, Vivo, Xiaomi, Nokia සහ අනෙකුත් සමාගම් වල දුරකතනවලට මෙම වසර අවසානයේ දී යාවත්කාලීන කිරීම ලබා දෙනවා කියලා තමා කියන්නෙ.

යාවත්කාලීන ප්‍රමාද කිරීමට හේතුව වශයෙන් Google සමාගම තීරනය කර ඇත්තේ pixel 6 series එක සමග නව Android 12 මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීම කියලා තමා හිතන්නෙ. එම නිසා android 12 ලැබීමට සුදුසුකම් සපුරන Devices වලට යාවත්කාලීන ලැබීමට පෙර Pixel 6 series එක එලිදැක්වීමට බොහෝ ඉඩකඩ ඇත.

Source: 9t05Google, Engadget, Android Authority