Loading...
iPhone 13 මාදිලිය සඳහා වැඩි battery capacity එකක් ලබා දෙන බවට තොරතුරු වාර්තා වේ

මේ වසර සැප්තැම්බර් මාසයේදි පමණ එළිදැක්වීමට නියමිත Apple සමාගමේ iPhone 13 Series එක පිළිබඳව Rumors මේ වෙන විට වාර්තා වෙමින් තිබෙනවා. ඒ අනුව iPhone 13 Series එකේ Devices සදහා විශාල Battery Capacity එකක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Weiboහි Tipster කෙනෙකු විසින් පළ කර තිබුණ Post එකකට අනුව iPhone 12 Series එකට වඩා වැඩි Battery Capacity එකක් සහිතව iPhone 13 Series එක නිකුත් කිරිමට Apple සමාගම බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව iPhone Pro Max Version එක සදහා 4352mAh Battery Capacity එකක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඔවුන්ගේ පසුගිය iPhone 12 Series එක සදහා ලබා දි තිබුණේ 3687mAh Battery Capacity එකකුයි.

ඒ වගේම Regular iPhone එක සදහා 3095mAh Battery එකකුත් iPhone Mini Version එක සදහා 2406mAh Battery Capacity එකකුත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. පසුගිය iPhone 12 Series එකේදි Regular iPhone එක සදහා 2815mAh Battery Capacity එකකුත් iPhone Mini Version එක සදහා 2227mAh Battery Capacity එකකුත් ලබා දි තිබුණා.

ඒ වගේම මේ iPhone 13 Series එක Apple සමාගමේ A15 Chipset එක මගින් බලගැන්වෙන අතර මෙහි Power Efficiency එක වැඩිදියුණ කර තිබෙන බැවින් මෙලෙස වැඩි කරන ලද Battery Capacityත් සමග iPhone 13 Series එක මගින් අපිට වැඩි Battery Life එකක් බලාපොරොත්තු වෙන්න හැකියාවක් පවතිනවා. ඒ වගේම iPhone 13 Series එක පිළිබඳව ඉදිරියේ වැඩිදුරටත් තොරතුරු දැන ගැනිමට හැකි වෙනු ඇත.

Sources: Gizmochina, CNET