Loading...
Android 13 "Tiramisu", 2022දී නිකුත් වීමට නියමිත ප්‍රධානතම Android සංස්කරණ​ය ගැන ඔබ දැන ගත යුතු ​දෑ

පසුගිය ඔක්තෝබර් මාසයේදි පමණ Google සමාගම විසින් නිල වශයෙන් නිකුත් කරන ලද Android 12 කියන්නේ Android Operating System එක සදහා විශාල වෙනස්කම් රැසක් සමග හදුන්වා දුන්නක් බව කියන්න පුළුවන්. Google Pixel 6 Series එක සමග Android 12 Smart Phone සදහා හදුන්වා දුන් අතර මේ වෙන විට බොහෝ Flagship Smart Phones සදහා Android 12 Update ලැබි තිබෙනවා.

ඒ වගේම Google සමාගම විසින් Foldables හා Tablets සදහාම නිර්මාණය කරන ලද Android 12L Operating System එකත් පසුගිය දිනක හදුන්වා දෙනු ලැබුවා.

Android 12 පසුව Android 13 හදුන්වා දිමට මේ වෙන විටත් Google සමාගම වැඩකටයුතු සිදු කරමින් සිටින අතර මේ වෙන විට Android 13 පිළිබඳ තොරතුරු රැසක් අන්තර්ජාලය තුල වාර්තා වෙමින් තිබෙනවා. අපි අද බලමු Androidවල ඉලග සංස්කරණය වෙන Android 13 පිළිබඳව මේ ලිපියෙන්.

Android 13 නිකුත් වෙන දිනය?

Android 12 නිල වශයෙන් නිකුත් වෙලා මේ වෙන විට මාස කිහිපයක් නිසා දැන්ම නිශ්චිත වශයෙන් Android 13 නිකුත් වෙන දිනයක් පිළිබඳ ප්‍රකාශ කරන්න ඉක්මන් වැඩි වුවත් Android 12 Release Time Line එක සැලකු විට Android 13 Stable Version එකක් Google සමාගම විසින් 2022 වසරේ හතරවන කාර්තුවේ දි පමණ නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් Stable Version එක නිකුත් කරන්න කලින් Google සමාගම විසින් Developers Previews නිකුත් කරන නිසා ඉට පෙර අපිට Android 13 මොන වගේද කියල බලා ගැනිමේ හැකියාව ලැබෙනවා කියල කියන්න පුළුවන්.

Android 13 Developer Preview

සාමාන්‍යයෙන් සැම Android Version එකකම Stable Version එක නිකුත් කිරිමට මාස කිහිපයකටම පෙර Developer Preview Version එක නිකුත් කිරිම සිදු වෙනවා. ඒ අනුව මිලග වසර පළමු මාස කිහිපය තුලම අපිට Android 13 සදහා වු Developer Preview Version එකක් පිළිබඳ බලාපොරොත්තු තියා ගන්න පුළුවන්.

Android 13 Beta

Developer Preview Versionවලින් පසුව Beta Version එක නිකුත් කිරිම සිදු කරන අතර මෙය Stable Version එකට ඉතාම ආසන්න බව කියන්න පුළුවන්. මේ Beta Version බොහෝමයක් Smart Phones නිෂ්පාදන සමාගම් විසින් ඔවුන්ගේ Flagship Devices සදහා ලබා දෙන්නත් කටයුතු කරනු ලබනවා. මෙය බොහෝ විට සෑම වසරකම මැද පැවැත්වෙන Google l/O Event එකට සමගාමීව නිකුත් කෙරෙන අතර Android 13 Beta Version එකක් මිලග වසර මැයි මාසයේදි පමණ ලැබෙනු ඇතැයි ඒ අනුව බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Android 13 Stable

Android 13 Stable Version එක නිකුත් විමත් සමග මෙය නිල වශයෙන් Google සමාගම විසින් නිකුත් කිරිම සිදු කරනු ලබනවා. ඒ අනුව සාමාන්‍ය පරිදි පළමුව Google සමාගමේ Pixel Devices සදහා Android 13 Stable Update එක ලැබෙන අතර ඉන් පසු අනෙක් Smart Phone නිෂ්පාදන සමාගම් විසින් ඔවුන්ගේ Flagship Devices සදහා Android 13 Stable Update එක ලබා දෙනු ලබනවා. ඉන් අනතුරැව ක්‍රමයෙන් Android 13 Operating System එකට යාවත්කාලීන විම සදහා සුදුසුකම් සපුරන Devices සදහා Update ලබා දිම ඔවුන් විසින් සිදු කරනු ඇත. Android 13 හි නිල වශයෙන් නිකුත් විම 2022 වස⁣රේ ඔක්තොම්බර් පමණ වෙන විට සිදු වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Android 13 ලැබෙන Devices මොනවාද?

සාමාන්‍යයෙන් සෑම Smart Phone නිෂ්පාදන සමාගමක්ම තම Flagship හා Midrange Smart Phones සදහා නව Android Operating System එක ලබා දෙන අතර බොහෝ Budget Devices සදහාත් ලබා දෙන බව මෑත කාලයේදි දැක ගන්න පුළුවන්.

Google සමාගමේ Pixel Devices වෙන Pixel 6, Pixel 6 Pro, Pixel 5, Pixel 5a (5G), Pixel 4, Pixel 4 XL, Pixel 4a හා Pixel 4a (5G) ආදියට Android 13 OS Update එක ලැබෙන අතර Samsung සමාගම විසින් වසර තුනක් දක්වා OS Update ලබා දෙන Devicesවලින් Android 13 OS Update එක ලැබිමට සුදුසුකම් සපුරන Flagship හා Upper Midrange Devices සියල්ල සදහාත්, OnePlus Flagship Devices සදහාත් Android 13 OS Update එක නිසක වශයෙන්ම ලැබෙනු ඇතැයි දැනට සදහන් කරන්න පුළුවන්.

Android 13 හදුන්වන නාමය?

සාමාන්‍ය Android OS එකක නාමය බොහෝ විට අතුරැපසක නාමයෙන් හදුන්වන බව බොහෝ අය දන්නා කරැණක්. නමුත් Android 10 Version එකේ දි මෙය තරමක් දුරට වෙනස් වු අතර ඉන් පසු Version Number එක මත නම් කිරිම සිදු වුවා.

කෙසේ වෙතත් සෑම Android Version එකකටම Internal Code Name එකක් පවතින අතර එය අතුරැපසක නමින් නම් කරනු ලබනවා. ඒ අනුව Android 13 ට අදාල Internet Code Name එක Tiramisu වෙන අතර එය කෝපි රසති ඉතාලි අතුරැපසක් වේ.

මේ වන තෙක් නිකුත් වූ Android සංස්කරණයන්ගේ logos

Android 1.0 Apple Pie
Android 1.1 Banana Bread
Android 1.5 Cupcake
Android 1.6 Donut
Android 2.0 Eclair
Android 2.2 Froyo
Android 2.3 Gingerbread
Android 3.0 Honeycomb
Android 4.0 Ice Cream Sandwich
Android 4.1 Jelly Bean
Android 4.4 KitKat
Android 5.0 Lollipop
Android 6.0 Marshmallow
Android 7.0 Nougat
Android 8.0 Oreo
Android 8.1 Oreo
Android 9.0 Pie
Android 10 Quince Tart
Android 11 Red Velvet Cake
Android 12 Snow Cone

Android 13 New Features & Changes

සෑම Android Version එකක් ඔස්සේම Android Operating System එක සදහා නව Features රැසක් හදුන්වා දෙන අතරම Operating System එක වෙනස් කිරිම්වලටද ලක් කිරිම සිදු කරනවා.

ඒ අනුව මේ වෙන විට වාර්තා වෙන තොරතුරුවලට අනුව Google සමාගම විසින් Android 13 සදහා හදුන්වා දිමට නියමිත Panlingual නම් Feature එකක් පිළිබඳ අපි මිට පෙර ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා. මීට අමතරව Android 13 Update එකත් සමග ලැබිය හැකි නව Features පහත පරිදි වෙනවා.

  1. Multi-user NFC Payments
  2. Native support for DNS over HTTPS
  3. Disable Background App limitations
  4. Full Support for Bluetooth LE Audio
  5. App Languages
  6. Runtime Permission for Notifications
  7. TARE: The Android Resource Economy
  8. Lock Screen Clock layouts

ඉදිරියේ මේ සදහා තවත් Feature හා වෙනස්කම් එකතු විය හැකි මෙන්ම ඉදිරියේ Google සමාගම විසින්ම මෙම Features පිළිබඳ නිල වශයෙන් තොරතුරු නිකුත් කරනු ඇත. ඒ වගේම Android 13 අලුතෙන්ම හදුන්වා දෙන ⁣Features සියල්ල ගැනම මිලග ලිපියෙන් අපි කතා කරමු.

Source: Xda Developers