Loading...
දැනට නිකුත් වී ඇති තොරතුරු වලින් Android 13හිදී ලැබෙනු ඇතැයි සැලකෙන නවතම පහසුකම් මෙන්න

පසුගිය ඔක්තෝබර් මාසයේදි පමණ Google සමාගම විසින් නිල වශයෙන් නිකුත් කරන ලද Android 12 සමග Android Operating System එක සදහා විශාල වෙනස්කම් රැසක් හදුන්වා දෙනු ලැබුවා. Android 12 පසුව Android 13 හදුන්වා දිමට මේ වෙන විටත් Google සමාගම වැඩකටයුතු සිදු කරමින් සිටින අතර Android 13 පිළිබඳ මූලික හැඳින්වීම සහ එහි Pure Version එක ලැබෙන Google Pixel Devices සහ දිනයන් පිළිබඳව අපි ඔබට වාර්තා කළා ඔබට මතක ඇති. අද අපි බලමු Android 13 මඟින් අපට ලැබෙන නව පහසුකම් සහ වෙනස්කම් මොනවාද යන්න පිළිබඳව.

1. Multi User NFC ගෙවීම් ක්‍රමය

Android සදහා බොහෝ කලක සිට බහු-පරිශීලක සහය ඇති බව ඔබ දන්නවා ඇති. සියලුම පරිශීලකයන් සමඟ පුද්ගලික දත්ත කිසිවක් බෙදා නොගැනීම සඳහා ඔබට තනි Android Device එකක් මත විවිධ පරිශීලකයින් සඳහා Multi User Profiles සෑදිමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත්, Multi User Profiles මඟින් කළ හැකි දේ සම්බන්ධයෙන් යම් යම් ගැටලු පවතින අතර, ඒවායින් එකක් වන්නේ NFC ගෙවීම් කිරීමට ඇති ගැටලුවයි. NFC හරහා Contactless Payments මේ වෙන විට බහුලව භාවිත විම සිදු වෙනවා. කෙසේ වෙතත්, Android 12 හි පවා, ඔබට Multi User Profiles හරහා NFC ගෙවීම් කිරමේ හැකියාව ලැබෙන්නේ නැ.

නමුත් Android 13 සමඟ Multi User Profiles NFC Payments සඳහා සහාය දක්වන බවට තොරතුරු පළවෙනවා. ඔබ පවුලේ විවිධ සාමාජිකයන් සමඟ හෝ ඔබේ මිතුරන් සමඟ තනි Device එකක් හුවමාරු කර භාවිතා කරන්නේ නම් මෙය ඇත්තෙන්ම ප්‍රයෝජනවත් වනවා. කෙසේ නමුත්, මෙය තවමත් මුල් අදියරේ පවතින බැවින් Android 13 නිකුත් කිරිමට ආසන්න වන විට මේ පිළිබඳව තවත් තොරතුරු වාර්තා කිරිමට හැකියාව ලැබෙනු ඇති.

2. Disable Background App limitations

Android 12 හිදී PhantomProcessKiller නමින් හැඳින්වෙන නව Background Process Killer එකක් හඳුන්වා දුන් අතර එය ඉතා Aggressive process killer එකක්. ඔබ Power user කෙනෙක් නම් මේ සඳහා තරමක් වැඩි RAM usage එකක් සහ Battery usage එකක් මේ සඳහා අවශ්‍ය වනවා.

Google සමාගම විසින් මෙය අවබෝධ කරගෙන ඇති අතර Android 13 හි මෙම Background Process Killer එක අක්‍රිය (off) කිරීමට Toggle Button එකක් යොදා තිබෙනවා.

3. Bluetooth LE Audio සඳහා සම්පූර්ණ සහාය දැක්වීම

Android 12 Version එක Bluetooth Low Energy Audio සඳහා අවශ්‍ය foundation ඇතුළත් වනවා. එය Bluetooth හරහා අඩු power audio transmission සඳහා අලුත් Standard එකක් වනවා. කෙසේ වෙතත්, දැනට Bluetooth LE Audio transmission සඳහා Android හි සම්පූර්ණ සහයක් නොදක්වන ලබන අතර මෙය Android 13 සමඟ වෙනස් වීමට නියමිත වනවා.

4. App එකෙන් App එකට භාෂාව වෙනස් කිරීමේ හැකියාව

මේ වෙන විට Android Operating System එක තුල එක් විටක භාවිත කළ හැකි වෙන්නේ එක් භාෂාවක් පමණයි. එනම් Android Interface එක හා Device එකේ පවතින Apps සියල්ල බොහෝ විට එකම භාෂාව මත පදනම්ව ක්‍රියාත්මක වෙනු ලබනවා. කෙසේ වෙතත් මේ Feature එක මගින් Android Interface එකේ භාවිත වෙන භාෂාවට අමතරව ඔබට අවශ්‍ය Apps සදහා අවශ්‍ය භාෂාවක් භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා.

5. Lock Screen එක සඳහා නව Clock Layouts

මේ දක්වා, Android හි lock screen එකෙහි Clock එක එක් ස්ථානයක පමණක් පිහිටා තිබුණි. Samsung One UI වැනි සමහර Android Custom Skinවල Clock එකෙහි ස්ථානය Cuztomized කිරීමට විකල්පයක් ලබා දී ඇතත්, Pure Android හි එවැනි හැකියාවක් ලබා දි නොමැති වෙනවා. කෙසේ වෙතත්, එය Android 13 සමඟ එම හැකියාව ලබා දිමට සූදානම් බව කියන්න පුළුවන්.

දැනට, Android 12 හි Lock Scrren එකෙහි මැද විශාල අකුරින් Clock එක දර්ශනය වනවා. Notification ඇති විට, ඔරලෝසුව තනි පේළියකින් Screen එකෙහි ඉහළ වම් කෙළවරට මාරු වනවා. Android 13 සමඟින්, lock screen එකෙහි Clock Layout එක වෙනස් කිරීමට Google සමාගම විසින් හැකියාව ලබා දෙනු ඇත. ඒ වගේම මෙම පහසුකම Android 12L වෙත පැමිණීමට බොහෝ ඉඩ ඇත.


මේ Android 13 හි දැනට නිකුත් වී ඇති තොරතුරු වනවා. Android 13 හි නව විශේෂාංග හා තොරතුරු නිකුත් වන විට Android වැඩකාරයෝ අපි, ඔබව දැනුවත් කරන්නම්.

Source: XDA Developers