Loading...
iPhone 12 series එක මහා පරිමාණ නිෂ්පාදනය ජූලි වලදී

හැමෝම කතා කරන tech gadget එකක් තමා iPhone එක කියන්නෙ.ඉතින් පහුගිය දවස් වල මේ වසරේ එලිදැක්වීමට යන නවතම iPhone එකේ තොරතුරු වගේම එලිදක්වන දිනය පිළිබඳවත් විශාල වශයෙන් තොරතුරු අපිට අහන්න ලැබුනා.සමහර තොරතුරු වලින් කියවුනේ iPhone 12 දුරකතනය නිකුත් වීම ප්‍රමාද වන බවයි.කෙසේ වෙතත් අලුතින්ම අහන්න ලැබෙන තොරතුරු වලට අනුව අපි හැමෝම ආසාවෙන් බලන් ඉන්න iPhone 12 එක ලබන මාසෙ ඉඳලා production කටයුතු ආරම්භ කරනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ.

මේ නවතම වාර්තාව නිකුත් කරපු Digitimes කියන විදිහට Apple සමාගම iPhone එකේ ඉංජිනේරු වලංගුකරණයන් සහ පරික්ෂා කිරීම් කටයුතු (EVT) වල දෙවන අදියරය මේ මාසෙ(ජුනි) අවසාන කරන බව තමයි කියන්නෙ.ඉතිං ඒ නිසා තමයි ලබන මාසෙ ඉඳලා අලුත් iPhone එකේ mass production පටන් ගනී කියලා මෙයාලා කියන්නෙ.ඒ වගේම තමයි කලින් ආපු වාර්තා වල තිබුන විදිහට iPhone පවුලෙ ලොකුම අයියා(තාම හරියටම දන්නෙ නෑ මොන නමක් දාලා එවයිද කියලා)කලින් iPhone එකේ විදිහට iPhone 11  pro max අන්න ඒ වගේ අඟල් 6.7 ක display එකක් එක්ක එන්න හිටිය කෙනා එන්න කල් යනවා කිව්වා.හැබැයි අලුත්ම වාර්තාවෙ විදිහට මුලු පවුලම ජූලි මාසෙ ඉඳලා හදන්න පටන්ගන්නවලු.

කියන විදිහට iPhone 4ක් මේ අවුරුද්දෙ launch කරනවා.ඉතිං මේ හැම එකකටම 5G මොඩම්ස් අන්‍තර්ගත වෙනවා හැබැයි ලාබෙටම ගන්න පුලුවන් iPhone එකට mmWaves ඇතුළත් වෙන්නෙ නෑ කියලා තමයි අලුත්ම rumors වලින් කියන්නෙ.high end pro මොඩ්ල්ස් වලට sub-6GHz සහ mmWave 5G යන තාක්ෂණයන් දෙකම ඇතුළත් කරනවා කියලත් ආරංචියි.සමහර rumors මගින් කියවුනේ මේ antenna design එකේ කරන වෙනස්කම් නිසා iPhones production එක ප්‍රමාද වෙයි කියලා.කොහොම නමුත් ඒක ඒ විදිහට සිද්ද වුනොත් මුලින්ම low budget iPhone එක එලියට දාලා පසුකාලීනව high-end models එවයි කියලත් බලාපොරොත්තු වෙනවා.

iPhone 12 ගැන අපි ගෙන ආ ලිපි කිහිපයක් පහතින් දැක්වේ.

iPhone 12 pro එක ගැන අළුත්ම rumors - ProMotion 120Hz screen, 3x optical zoom, 4400mAh battery & more
ඔබ කවුරුත් හොඳින් දන්නා EverythingApplePro හි Max Weinbach සඳහන් කරන ආකාරයටමීලඟට පැමිනීමට නියමිත නවතම Apple iPhone 12 දුරකතනයෙ නවතම අංග රැසක් එකතු කර ඇතිබව සඳහන් වෙනවා. එනම් * ProMotion display එක * 3x Telephoto zoom lens කැමරාව * 4,400mah ඉක්මවූ Battery එක * වැඩිදියුනු කෙරුනු Face ID තාක්ශණ…
iPhone 12 and iOS 14 Leaks
දැනට තියෙන අලුත්ම ආරංචි අනුව මේ තමයි iPhone 12 Pro එකේ Camera Setup එක මේකiPhone 11 Pro එකේ වගේ Telephoto / Wide / Ultra Wide කියන sensors තුනත් new iPadPro 2020 වල ආව LiDAR sensor එකත් එන්න නියමිතයි. හැබැයි මේ camera setup එකප්‍රමාණයෙන් ලොකුයි ඒ කියන්නේ විශාල sensor size වල camera sensor එනවා කි…
iPhone X එකට පස්සේ iPhone එකකට එන ලොකුම වෙනස 2020 දි!!!
Apple iPhone කියන්නේ Smart Phone ලොකයම වෙනස් කරපු නිපයුමක්. 20 වෙනි ශතවර්ෂයේවිශිෂ්ටම නිපැයුම ලෙස නම් ලබන මේ iPhone එක නිසා තමා ඉස්සර button ගොඩක් එක්ක තිබ්බPhone අද ඔයාලා දකින තැනට ආවේ. මේ iPhone එකේ වෙනස් කම් කීපයක්ම උනා iPhone 2G ටපස්සේ ලොකුම වෙනස උනේ iPhone 4 වලදී ඊටත් පස්සේ iPhone 5 වල ඊට පස්…